උතුරු කොරියාව අවම වශයෙන් එක් මිසයිලයක් හෝ දියත් කළ බව ජපාන රජය අඟහරුවාදා ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 10:46 ට නිවේදනය කළේය. එමෙන්ම එය ජපානයේ නිරිතදිග ඔකිනාවා ප්‍රාන්තය හරහා පැසිෆික් සාගරය දෙසට පියාසර කිරීමට ඉඩ ඇති බව ප්‍රකාශ කරන ලදී.
උතුරු කොරියාව විසින් දියත් කරන ලද මිසයිලයක් යැයි මුලින් සැක කරන ලද වස්තුව, පසුව ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් විසින් චන්ද්‍රිකාවක් යැයි හඳුනාගෙන ඇත.
රජය මුලින් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව, එය චන්ද්‍රිකාවක් යැයි තහවුරු කරගත් පසු එම අනතුරු ඇඟවීම ඉවත් කරගන්නා ලදී. ලදී. මෙම දියත් කරන ලද වස්තුව විනාශ කිරීමට හමුදාව පියවර ගෙන නැති අතර, සුන්බුන් වැනි දෑ වලින් ඈත්වී සිටින ලෙස රජය විසින් මහජනතාවට උපදෙස් දී ඇත.
