ක්‍රිකට් පිත්තෙන් බේස්බෝල් පුහුණු වූ ක්‍රීඩකයා.

බේස්බෝල් ක්‍රීඩකයෙකු ක්‍රිකට් පිත්තකින් බේස්බෝල් පුහුණු වීමේ සිද්දියක් පිළිබඳව මේ දිනවල ජපානයේ කතා බහට ලක් වේ. ලොස් ඇන්ජලීස් ඩොජර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ෂෝහෙයි ඔතානි මෑත කාලයේදී ඉතා හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි .එහෙත් අප්‍රේල් 8 වෙනිදා, Chicago Cubs කණ්ඩායමට එරෙහිව තරඟයකදී  ඔහු පිතිකරණයේ යෙදුනු ඔහුගේ පළමු අවස්ථා දෙකේදීම බෝලයට පහර දීමට අසමත් වුනි. පසුව වර්ශාපතනය නිසා තරඟය ප්‍රමාද වූ අතර නැවතත් තරගය ආරම්භ වූ විට ඔහු ඔහු ඉතා හොඳින් පන්දුවට පහර දුන් අතර ඔහු රැස් කර ලකුණු ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

තරඟයෙන් පසුව ඔතානි ප්‍රකාශ කරේ වර්ෂා ප්‍රමාදයේදී පුහුණුවීම් සඳහා ක්‍රිකට් පිත්තක් භාවිතා කළ බවත්, එය තමාට වඩා හොඳින් ක්‍රීඩා කිරීමට ඉවහල් වූ බවත් ය.  විශාල හෝම් රන් පහරක් එල්ල කළ ඔහුගේ සඟයාද ක්‍රිකට් පිත්තක් ආධාරයෙන් පුහුනුවීම් ආරම්භ කර ඇති අතර මේ නිසා ජපානය තුල ක්‍රිකට් පිත්ත ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී ඇත.

පුහුණුවීම් සඳහා ක්‍රිකට් පිත්තක් භාවිතා කිරීම හේතුවෙන් නව ක්‍රම අත්හදා බැලීමට ඔහ්තානිගේ ඇති කැමැත්ත පිළිබඳව බේස්බෝල් රසිකයන්ගේ සිත් ගෙන ඇති බව සමාජ මාධ්‍ය තුලින් දැකගත හැක.

විශේෂයෙන් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ක්‍රීඩාවක් ලෙස, ක්‍රිකට් ඇතුළත් කිරීමට සැලසුම් කිරීමත් සමඟ ක්‍රිකට් කෙරෙහි ජනයාගේ වැඩි උනන්දුවක් දක්නට ඇත. මෙය ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ක්‍රිකට් ක්‍රීඩාව සිදු නොකරන රටවල් වල පුද්ගලයින්ගේද වැඩි අවධානයක් යොමු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *