ගංජා වල ධනාත්මක බලපෑම් පිළිබඳ ජපානය අවධානය යොමු කරයි

ගංජා සාමාන්‍යයෙන් ජපානයේ සෞඛ්‍ය හානි සහ අපරාධ සම්බන්ධ නිෂේධාත්මක ප්‍රතිරූපයක් ලබා දෙන අතර, එහි ධනාත්මක බලපෑම් මෑතකදී රට තුළ අවධානයට ලක්ව ඇත.

දෙසැම්බර් මස මුලදී සංශෝධිත ගංජා පාලන නීතිය පනවනු ලැබුවේ ගංජා වලින් ලබාගත් ද්‍රව්‍ය අඩංගු ඖෂධ භාවිතයට ඉඩ සලසමිනි.

දැනට පවතින ඖෂධ එතරම් ප්‍රතිඵලදායක නොවන අපස්මාර රෝගයෙන් පෙළෙන අය, බ්‍රිතාන්‍ය සමාගමක් විසින් නිපදවන ලද Epidiolex ඖෂධය ලබා දීමට නොඉවසිල්ලෙන් බලා සිටිති.

Epidiolex හි ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේ ගංජා පැල වලින් ලබාගත් ද්‍රව්‍යයක් වන cannabidiol (CBD) ය. සුව කළ නොහැකි අපස්මාරය සඳහා ප්‍රතිකාරයක් ලෙස මෙම  ඖෂදය දැනටමත් එක්සත් ජනපදයේ අනුමත කර ඇත.

ජපානයේ Epidiolex සඳහා සායනික අත්හදා බැලීම් සිදුවෙමින් පවතින අතර, සංශෝධිත ගංජා පාලන නීතිය බලාත්මක කිරීමට පෙර මෙම ඖෂදය භාවිතා කළ නොහැක. මෙම ඖෂධය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අනුමත කර වෙළෙඳපොළට ඉදිරිපත් කළහොත් ජපානයේ සිටින 20,000ක් පමණ වන අපස්මාර රෝගීන්ට එය බලාපොරොත්තුවේ කිරණක් ලබා දෙනු ඇත.

“මෙම ඖෂධය මීට වඩා ඉක්මනින් ලබා ගැනීමට හැකි වූවා නම් අපේ ජීවිත කෙසේ වේද කියා මට පුදුමයි,” ඩ්‍රැවෙට් සින්ඩ්‍රෝමය හෙවත් සුව කළ නොහැකි අපස්මාරයෙන් පෙළෙන 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මව පැවසුවාය.

උතුරු ජපානයේ හොක්කයිදෝ හි හකෝඩේට් නගරයේ පදිංචි එම කාන්තාව පැවසුවේ තම පුතාට හදිසි අපස්මාර රෝග වැලඳීම “ඉතා වේදනාකාරී ” බවයි. මව පවසන පරිදි, දිනකට 40-50 වතාවක් ඔහුට Seizures සෑදේ.

සියලුම ඖෂධ වර්ග අත්හදා බැලුවද පලක් නොවූ පසු මව මෙසේ පැවසුවාය: “මෙම ඖෂධය හැකි ඉක්මනින් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එය විකිණීමෙන් පසු ඉක්මනින් එය අත්හදාබැලීමට අපි තීරණය කර අවසන් ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *