ජපානයේ ආගමන විගමන සේවා ඒජන්සිය විසින් ජපානයට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් හට සුදුසුකම් සහතිකය (Certificate of Eligibility – COE) විද්‍යුත් තැපෑල හරහා ලබා ගැනීමේ පහසුකම සලසා දී ඇත.
ඊට අමතරව විද්‍යුත් තැපෑලෙන් ලැබෙන සුදුසුකම් සහතිකය ඉදිරිපත් කර වීසා සහ රටට ඇතුළුවීමේ අවසරය ලබා ගැනීමේ හැකියාවද විදේශ ජාතිකයන් හට ඉඩ සලසා දී ඇත (පහත කොන්දේසි වලට යටත්ව) .
- සුදුසුකම් සහතිකය (COE) ලේඛණයක් වශයෙන් ඇති විදේශිකයන්ට එහි පිටපතක් ඉදිරිපත් කළ හැක.
- අයදුම්කරුගේ නියෝජිතයෙකු විසින් සිය රටේ ජපන් තානාපති කාර්යාලයේ කොන්සියුලර් කාර්යාලය වෙතින් වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේදී, අයදුම්කරුගේ සුදුසුකම් සහතිකයේ මුල් පිටපත හෝ එහි පිපතක් හෝ විද්‍යුත් තැපෑල මගින් ලද සහතිකයේ ඡායා පිටපතාක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මෙම දැනුම්දීමට අදාල වන පුද්ගලයින්.
- අන්තර්ජාලය හරහා සුදුසුකම් සහතිකය ලබා ගැනීමට අයදුම් කරන පුද්ගලයින්
- අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිය දැනටමත් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සහ සුදුසුකම් සහතිකයක් අයදුම් කිරීම සඳහා ආගමන විගමන කාර්යාලයට පිවිසෙන පුද්ගලයින්.
ප්‍රතිලාභ
- විද්‍යුත් තැපෑල මගින් සුදුසුකම් සහතිකය විදේශීය අයදුම්කරුවන් වෙත ලබා දීමට හැකියාව සැලසීම මගින්, ඒ සඳහා ගතවන කාලය, ශ්‍රමය හා පිරිවැය අවම වේ.
- අන්තර්ජාලය හරහා ඉල්ලුම් කිරීම මගින්, සුදුසුකම් සහතිකය ඉල්ලුම් කිරීම සඳහා වන සමස්ථ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙන අතර, ජපානයට ඇතුළු වූ පසු අන්තර්ජාලය හරහා නේවාසික වීසා සඳහා අයදුම් කිරීමේ හැකියාවද මෙමගින් සලසා ඇත.
වැඩි විස්තර සඳහා ජපානයේ ආගමන සේවා ඒජන්සි කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න
