ජපන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හනෙඩා ගුවන්තොටුපලේදී ගිනි ගනී.

තෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී කුඩා වෙරළාරක්ෂක ගුවන් යානයක් සමග ගැටීමෙන් ජපන් ගුවන් සේවයට අයත් එයාබස් A350 මගී ගුවන් යානයක් ගිනිගැනීමට ලක්වී තිබේ. හොක්කයිඩෝ දූපතේ සපෝරෝ සිට දේශීය වේලාවෙන් සවස 4.00 ට පිටත් වූ ගුවන් යානය සවස 5.40ට හනෙඩා ගුවන්තොටුපලේ වෙත ගොඩබෑමට නියමිතව තිබුණි.

මගූ ගුවන්‍යානයේ යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉක්මනින් ඉවත් කරගෙන ඇති නමුත් වෙරළාරක්ෂක ගුවන් යානයේ කාර්ය මණ්ඩලය හය දෙනාගෙන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. එහි ප්‍රධාන ගුවන් නියමුවා පමණක් දිවි ගලවාගෙන ඇති අතර ඔහුද බරපතල තුවාල ලබා ඇති බව වාර්ථා වේ.

සඳුදා ඉෂිකාවා හි ඇති වූ භූමිකම්පාවෙන් පසු ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා උපකාර කිරීම සඳහා වෙරළාරක්ෂක ගුවන් යානය හනෙඩා සිට නීගාතා ගුවන් තොටුපළ වෙත යමින් සිටි අතර. එය භූමිකම්පා සිදුවූ ප්‍රදේයේ මෙහෙයුමක් සඳහා එක්වූ ගුවන් යානා හතරෙන් එකකි.

A350 මගී ගුවන් යානයේ පිටුපස සහ මධ්‍ය පිටවීම් ක්‍රියා නොකිරීම නිසා සියලුම මගීන් හා කාර්යමණ්ඩලය ඉදිරිපස පිටවීමේ රූටනයෙන් ඉවත් වී තිබේ.

ගැටීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි තොමැති අතර. වෙරළාරක්ෂක බලකාය පැවසුවේ ගුවන් යානා දෙක එකිනෙක ගැටීමට ලක් වූයේ කෙසේද  යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කරන බවයි.

සිද්ධියෙන් පසු හනේඩා ගුවන් තොටුපළ එහි සියලුම ධාවන පථ වසා දැමූ බව ගුවන් තොටුපළේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *