
ජපන් ජාතිකයෙකු සතුටු කිරීම සඳහා කුඩා දෙයක් වුවත් තෑගි දීම ප්‍රමාණවත් වේ. විශාල මිල ගණන් වල ත්‍යාග ඔවුන් බලාපොරොත්තු නොවේ.

ජපන් ජාතිකයන් අමුත්තන්ව ගෙදරට ගෙන්වාගැනීම බොහෝ කලාතුරකින් පමණක් සිදු කරයි. ජපානයේ නිවාස කුඩා වීම නිසා ඔවුන් මෙලෙස අමුත්තන්ව ගෙදරට ගෙන්නවාගැනීමට මැලි වෙයි.

ජපන් ජාතිකයන් හරියටම වේලාවට වැඩ කරයි. ඔවුන් වෙලාවකට යම් ස්ථානයකට පැමිණෙනවායැයි කීවොත්, ඔවුන් එම වෙලාවට විනාඩි 5කට පමණවත් පෙර එතැනට පැමිණෙයි.

ජපන් ජාතිකයන් කෙතරම් මත්පැන් පාණය කලද, ශ්‍රීලාංකිකයන් මෙන් සණ්ඩු සරුවල් ඇති කර නොගනී.

ජපන් ජාතිකයන් අන් අයගේ හිත් රිදේයැයි සිතා කෙලින් දෙයක් කීම ඉතාමත් අඩුවෙන් සිදු කරයි. ඔවුන් බොහෝ විට ‘එපා’ යැයි කීම සිදු නොකරයි.

ජපන් ජාතිකයන් සැළසුම් කිරීම අකුරටම සිදු කරයි. චාරිකාවක් යෑමේදී වුවද, චාරිකාවේ සියලුම දෑ ඔවුන් විසින් අකුරටම සැලසුම් කරයි.

ජපන් ජාතිකයන් රතු, කහ, වැනි දීප්තිමත් පාට සහිත ඇසට අපහසු ඇඳුම් ඇඳීම බොහෝ විට ප්‍රිය නොකරයි. ඔවුන් බොහෝවිට කලු හෝ ලා පාට ඇඳුම් ඇඳීම සිදු කරයි.

ත්‍යාගයක් ලෙස නිවසේ පිලියෙල කරනලද කෑම පිළිගැනීමට ජපන් ජාතිකයන් කැමැත්තක් නොදක්වයි. ඔවුන් කැමැත්තක් දක්වන්නේ සීල් කරන ලද බහාලුමක ඇති කෑම ලබාදෙනවාටය.

ජපන් ජාතිකනයන් බොහෝ විට විට රාත්‍රී පමණ 8 වන විටවත් ඔවුන්ගේ රාත්‍රී ආහාරය ලබාගන්නා අතර, රාත්‍රී පමණ10 වනවිට නින්දට යයි.

ජපන් ජාතිකයන් අඹු සැමි යුවලක් වුවද බොහෝ විට ඇඳවල් දෙකක නිදාගැනීම සිදු කරයි. තමන් නිසා අනෙකාගේ නින්දට භාදා වේ යැයි සිතන නිසා ඔවුන් මෙලෙස ඇඳන් දෙකක නිදාගැනීම සිදු කරයි.
මෙහි දක්වා ඇත්තේ ලාංකිකයන්ට වඩා ජපන් ජාතිකයන්ගේ ඇති වෙනස් කම් මිස, ජපන් ජාතිකයන් ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ හෝ නරක යැයි කීම නොවන බව මතක තබාගන්න
