ජපානයේ විද්‍යාඥයන් විසින් මහා සුදු මෝරෙකුගේ (Grate White shark) ප්‍රමාණයේ නව ජීවියෙකුගේ සම්පූර්ණ පොසිලයක් සොයාගෙන තිබේ. පර්යේෂකයන් විසින් “නිල් මකරා” ලෙස නම් කර ඇති මෙම ප්රාග් ඓතිහාසික විලෝපිකයාට අසාමාන්‍ය ශරීර සැලැස්මක් ඇති අතර එය වඳ වී ගිය කිසිදු ජීවියෙකුගේ පොසිල වලට සමාන නොවන බව ජපන් විද්‍යාඥයන් ප්‍රකාශ කරයි.
වසර මිලියන 72 ක් පමණ පැරණි සුවිශේෂී පොසිලය සොයාගනු ලැබුවේ හොන්ෂු දූපතේ වකායාමා ප්‍රාන්තයේ අරිඩගාවා නදිය ආශ්‍රිතවය.
මෙම පොසිලය අයත් වන්නේ මින් පෙර සොයාගෙන නොමැති මෝසසෝරස් විශේෂයකටය. මොවුන් ක්‍රිටේසියස් යුගයේ (වසර මිලියන 145 සිට මිලියන 66 දක්වා) උච්ච සමුද්‍ර විලෝපිකයන් වූ වාතය ආශ්වාස කරන ජලජ උරග සමූහයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම පොසිලය ජපානයේ සහ වයඹදිග පැසිෆික් කලාපයෙන් මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම සම්පූර්ණ මොසාසෝරස් පොසිලය බව පර්යේෂකයන් ප්‍රකාශ කරයි.

පර්යේෂකයන් විසින් නව මොසාසෝරයා Megapterygius wakayamaensis ලෙස නම් කර ඇති අතර වකායාමා සෝරියු යන අන්වර්ථ නාමයෙන් මෙම සත්වයා හඳුන්වයි. සෝරියු යනු ජපන් මිථ්‍යා කථා වලට අනුව නිල් පැහැති ජලජ මකරෙකි.
මෙම වකයාමා විශේශය මොසාසෝරස් සත්වයන්ට සමාන ශරීර සැලැස්මක් බෙදා ගන්නා අතර අතර ඉතා සුළු වෙනස්කම් පවතී. නමුත් M. wakayamaensis යනු විද්‍යාඥයන් මවිතයට පත් කර ඇති පොසිලයකි. අනෙකුත් මොසාසෝරයන්ට මෙන්ම, M. wakayamaensis හට ඩොල්ෆින් වැනි කඳක්, පැඩල් වැනි වරල් හතරක්, කිඹුලෙකුගේ හැඩැති නාසයක් සහ දිගු වලිගයක් ඇති නමුත් මෙම සතාට මෝරෙකු හෝ ඩොල්ෆින් වැනි පෘෂ්ඨීය වරල් ද තිබී ඇති අතර එය වෙනත් කිසිදු මොසාසෝරස් විශේෂයක දක්නට නොලැබේ.
කෙසේ වෙතත්, පර්යේෂකයන් වඩාත් ව්‍යාකූල කළ නව මොසාසෝරයාගේ පසුපස වරල් වල ප්‍රමාණය ඔවුන්ගේ ඉදිරිපස වරල් වලටත් වඩා දිගුය. මෙලෙස පිටුපස වරල් පසුපස වරල් වලට වඩා දිග මොසාසෝරයෙක් සොයාගත් පළමු පොසිලය පමණක් නොව, ජීවමාන සහ වඳ වී ගිය සියලුම ජලජ විශේෂ අතර අතිශයින් දුර්ලභ පිහිටීමකි.
පිහිනන සියලුම සතුන්ට පාහේ ඔවුන්ගේ ශරීරයේ ඉදිරිපස දෙසට ඔවුන්ගේ විශාලතම වරල් ඇත, එය ජලය හරහා ගමන් කිරීමට උපකාරී වේ. සිරුරේ පිටුපස විශාල වරල් තිබීම, ඉදිරිපස රෝද වෙනුවට පසුපස රෝද මගින් හැරවෙන මෝටර් රථයක් පදවනවා හා සමාන වන අතර, එය ඉක්මනින් හැරීමට අපහසු වනු ඇත.
පර්යේෂකයන් සැක කරන්නේ පසුපස වරල් හැරවීමට භාවිතා කරනවා වෙනුවට, M. wakayamaensis ඉක්මනින් පහළට කිමිදීමට හෝ ජල තීරය හරහා ඉහලට නැඟීමට උපකාරී කරගෙන ඇති බව පර්යේෂකයන් ප්‍රකාශ කර
