භූ කම්පන ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති ජපානය නිතර නිතර භූමිකම්පා ඇති වන රටකි. කෙසේ වෙතත්, සමහර ප්‍රදේශ භූමිකම්පා අවදානම අනුව සාපේක්ෂව අනෙක් ප්‍රදේශ වලට වඩා ආරක්ෂිත යැයි සැලකේ.
1. හොකයිදෝ කලාපය
භූමිකම්පා ඇති නොවන ප්‍රදේශයක් නොවුවද,හොකයිදෝ සාමාන්‍යයෙන් ජපානයේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට අඩු භූමිකම්පා සහ අඩු දරුණු භූමිකම්පා ඇතිවන ප්රදේශයකි.
2. බටහිර හොන්ෂු
චුගෝකු කලාපයේ ප්‍රදේශ (හිරෝෂිමා වැනි) සහ කන්සායි කලාපයේ (කියෝතෝ සහ ඔසාකා ඇතුළුව) සාපේක්ෂව ආරක්ෂිත ප්‍රදේශ වේ. ඒවා ජපානයේ බොහෝ භූ කම්පන ක්‍රියාකාරකම් ඇති භූ තැටි වල මායිමට වඩා බොහෝ දුරින් පිහිටා ඇත.
3. ෂිකෝකු දූපත
ජපානයේ ප්‍රධාන දූපත් හා සසඳන විට මෙම දූපතෙහි භූ කම්පන ක්‍රියාකාරකම් අඩුය.
4. ඔකිනාවා ප්‍රාන්තය
දකුණු කොනේ පිහිටා ඇති ඔකිනාවා ප්‍රාන්තය භූමිකම්පා අවදානම සම්බන්ධයෙන් ජපානයේ ආරක්ෂිතම ප්‍රදේශයක් ලෙස සැලකේ. එය ජපානයේ සෙසු ප්‍රදේශවලට බලපාන ප්‍රධාන භූගෝලීය මායිම්වලින් බොහෝ දුරස්ව පිහිටා ඇත.
විශේෂයෙන්ම ජපානය වැනි රටක භූමිකම්පා අවදානමෙන් කිසිම ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම නිදහස් නොවන බව මතක තබා ගතයුතුය. සාමාන්‍යයෙන් ජපානයේ භූ කම්පන ක්‍රියාකාරී ප්‍රදේශවල ජීවත් වීමට හා සංචාරය කිරීම ආරක්ෂිත වේ.
ජපානයේ ඇතිවන මේ භූමිකම්පා නිසාවෙන්ම, ජපානයේ ගොඩනැගිලි ප්රමිතීන් භූමිකම්පා වල බලපෑම අවම කිරීම සඳහා ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඒවා භූමිකම්පා වලට හොඳින් ඔරොත්තු දෙන ලෙස සාදා ඇත, මීට අමතරව, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ සූදානම් වීමේ පියවරයන් අතින් ජපානය ලෝකයේ අනෙක් සියළුම රටවල් වලට වඩා ඉදිරියෙන්ම සිටී.
