ජපානය ප්‍රමාණවත් තරම් ගස් කපන්නෑ කියන්නෙ ඇයි?

ජපානය පිළිබඳ සිතනවිට මුලින්ම අපේ මතකයට එන්නෙ, තෝකියෝ වැනි විශාල කොන්ක්‍රීට් වනාන්තර සහ, ඒ අතරෙ තියෙන අතලොස්සක් වූ ගස් ප්‍ර්‍රමාණය. ඒ කෙසේ වෙතත් භූමියට සාපේක්ෂ වනාන්තර ප්‍රමාණයට අනුව ස්වීඩනයට සහ ෆින්ලන්තයට පසුව ලෝකයේ තුන්වෙනි ස්ථානයේ සිටිනුයේ ජපානයයි. ඉතින් මෙතරම් ගස් තියෙන රටක්, ප්‍රමාණවත් තරම් ගස් කපා දාන්නෑ කියන්නේ ඇයි?

Satoyama භූ දර්ශනය

1603 ටොකුගාවා අධිරාජ්‍යා විසින් ජපානය එක්සේසත් කල පසු ජපානය විදෙස් ගනුදෙනු සඳහා වසා දමනවා. ඉතින් ජපානයට සිදුවෙනවා හැමදෙයකින්ම ස්වයංපෝශිත වීමට. මේ කාලයේදී ජපානයට තේරුනා ඔවුන්ගේ වනාන්තර වල වටිනාකම. මේ කාලයේ ඔවුන්ට වනාන්තර හැර වෙනත් පිහිටක් නැතිඋනා. ඉතින් ජපානය වසර සිය ගනනක් පුරාවට ඔවුන්ගෙ භූ දර්ශන වල ජෛව විවිධත්වය හොඳින් පවත්වාගෙන ගියා. මෙලෙස ජපානයේ භූදර්ශනය සං‍රක්ශනය කිරීමට උදවු වූයේ වෙනස්ම ජපන් භූ දර්ශනයක් වූ සතොයාමා (Satoyama) නම් භූ දර්ශනයයි. සතොයාමා යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද භූ දර්ශනයකි. එසේ වුවද එය ස්වාභාවික භූ දර්ශනයත් සමග කරට කර යන භූ දර්ශනයකි.

ජපානයේ කාර්මික විප්ලවය සහ වන වැස්ම විනාශ වීම

1853 වර්ශයේදී ඇමරිකානු කොමදෝරු, මැතිව් පෙරී විසින් ජපානය අන්තර්ජාතික වෙළඳාමට විවෘත කිරීමත් සමජ ජපානය ජාර්මීකරනයට ලක් වූවා. මේ කාලය තුල ජපානයේ වනාන්තර වලට එතරම් සුභදායක කාලයක් වුනේ නැහැ. යුද්ධමය කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන, ගොඩනැගිලි සෑදීමට මෙන්ම බෝම්බ නිසාද වනාන්තර විනාශ වීමට ලක් වූවා. කෙසේ වෙතත් වනාන්තර කියන්නෙ වැදගත් ස්වාභාවික සම්පතක් කියල රජයට තේරුම්ගිය නිසා විශාල ප්‍රමානයෙන් නැවත ගස් සිටුවීම පටන්ගැනුනා.

මුලින්ම ජපන් ආර්ථිකය යලි ගොඩනැගීම සඳහා උදවු වන ගස් තෝරාගැනුනා.

Sugi (ජපන් සීඩර්)

ඉතාමත් ඉක්මනින් වැඩෙන සහ කෙලින් වැඩෙන කඳක් සහිත ගස් වවර්ගයක් නිසා

Hinoki (ජපන් සයිප්‍රස්)

ඉතාමත් ඉහල ගුණාත්මයෙන් යුතු දැව ලබාදෙන නිසා

ජපානය මෙම ශාක දෙක තෝරාගෙන විශාල වශයෙන් වනාන්තර සිටුවීම පටන්ගැනුනා. ඉන්පසු සිය 2/3 ක් වන වැස්ම ආරක්ශා කරගැනීමට ජපානයට හැකි වුනා. එමෙන්ම ඔවුන් එය ඒ කාලයේ සිට මේ දක්වාම ඒ ලෙසටම ආරක්ෂා කරගත්තා.

1950 පමණ වන විට Satoyama භූ දර්ෂන ක්‍රමය වියැකී යන්න වුනා. ඒ වෙනුවට ජපන් සීඩර් සහ ජපන් සයිප්‍රස් වලින් ගහන කෘතීමව සාදන ලද වනාන්තර ජපානය පුරා බිහිවෙන්නට වුනා. කොතරම් විශාල ලෙස ජපානය මෙලෙස කෘතීම වනාන්තර සිටුවීම සිදුකරාද කියනවනම් දැනටත් ජපානයේ වනාන්තර වලින් 40%ක ප්‍රමාණයක් මේ ජපන් සීඩර් සහ ජපන් සයිප්‍රස් වලින් ගහන කෘතීම වනාන්තර. ඉතුරු 60% ප්‍රමාණයද ස්වාභාවික වනාන්‍තර ලෙස නියමාකාරයෙන් කියන්නට තරම් ප්‍රමාණවත් තරම් සාධක නැහැ. ඇතැම් පරිසරවේදීන්ට අනුව මේ වන විට ජපානයේ තිබෙන වනාන්තර වලින් ස්වාභාවික වනාන්තර තියෙන්නෙ 2% පමණ.

ඉතින් මේ තනි වගාවක් සහිත වනාන්තර හරියට අපේ කෘශිකාර්මික වගාවන් වගේ. තනි වගාවක් පමණක් නිසා මේවායේ ජෛව විවිධත්වය ඉතා අවමයි. මේ නිසා මේ වනාන්තර නිසි පරිදි රැකබලාගැනීමට අවශ්‍යයි. නැතිනම් මෙම වනාන්තර පරිසරයට ඉතාමත් හානිදායක වෙන්න පුලුවන්.

ජපන් සීඩර් ශාකය මගින් පොලොවට පතිතවන හිරු එලිය විශාල වශයෙන් සීමා කරන අතර මේ නිසා යටි මහල් ස්ථරය සහ බිම් ස්ථරයේ ජෛව විවිෆ්හ්හත්වය අවම කරවනවා. එමෙන්ම මෙම ශාක දෙවර්ගයම විශාල වශයෙන් පරාග නිකුත් කරන අතර මේවා සුලඟත් සමග නගර වලට ගසාගෙන නිසා පරාග වලට අසාත්මිකතාවයක් දක්වන පුද්ගලයන් හට විශාල වශයෙන් අසාත්මිකතා ඇතිවේ.

තෝකියෝ නගරයේ පුද්ගලයන්ගෙන් හරි අඩක් මෙම පරාග වලට අසාත්මිකතා දක්වන අතර මේ නිසා නගරයේ බවුලව මුව ආවරණ දැකිය හැක.

වනාන්තර කප්පාදු කිරීම

ඉතින් මේ නිසි ආකාරයෙන් රැකබලා නොගන්නා ස්වාභාවික නොවන වනාන්තර වලින් සිදුවන අහිතකර ප්‍රථිපළ නිසා පරිසරවේදීන් සහ ජපාන රජය එකඟවෙලා තියෙනවා මේ කෘතීම වනාන්තර වල සමහර ගස් කපා දමන්න. මෙය පරිසරයට ඉතා හානිදායක ලෙස පෙනුනද, ඇතැම් ගස් කප්පාදු කිරීම මගින් පොලවට වැටෙන හිරු එලිය නිසා ඇති වන යටිමහල් ශාක ස්ථරය මගින් ලබාදෙන ඔක්සිජන් ප්‍රමානය, ඒ කප්පාදු කරන ගස ලබාදෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා වැඩියි කියල පරිසරවේදීන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙලෙස කප්පාදු කිරීම මගින් ජෛව විවිධත්වයද වැඩි වන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *