Covid-19 වසංගතය ආශ්‍රිත ප්‍රවේශ සීමාවන් හේතුවෙන් ශ්‍රමිකයන්ගේ අපේක්ෂිත හිඟය පියවීම අරමුණු කරගනිමින් ජාතික උපායමාර්ගික විශේෂ කලාපවල ගෘහ සේවය සඳහා සහාය ලබා දෙන විදේශිකයන් සඳහා උපරිම රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට ජපාන රජය සැලසුම් කරමින් සිටියි.
දැනට පවතින වසර පහක සීමාවෙන් ඔබ්බට විදේශ ගෘහපාලක ශ්‍රමිකයන්ගේ වීසා දීර්ඝ කිරීම මගින් රජය බලාපොරොත්තු වන්නේ ස්ථාවර ශ්‍රම බලකායක් සුරක්ෂිත කිරීම සහ කාන්තාවන්ට ආර්ථිකයට සක්‍රීයව සහභාගී වීමට වැඩි අවස්ථා නිර්මාණය කිරීමයි. අදාළ මාර්ගෝපදේශ සංශෝධිත කිරීමට කටයුතු කරමින් සිටින අතර, මෙම වීසා දීර්ග වන කාලය ආසන්න වශයෙන් වසර දෙකකින් පමණ වීමට නියමිතය.
ජපානයේ ආගමන පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ නීතිය යටතේ, ගෘහ පාලන සේවා සැපයීම සඳහා විදේශීය ජාතිකයින්ට සාමාන්‍යයෙන් රට තුළට ඇතුළු වීමට අවසර නැත. කෙසේ වෙතත්, ජාතික උපායමාර්ගික විශේෂ කලාපවල විදේශීය ගෘහ සේවිකාවන් පිළිගැනීම ආරම්භ වූයේ 2017 මාර්තු මාසයේදී, ජපන් කාන්තාවන්ගේ ශ්‍රම බලකායේ වැඩි සහභාගීත්වයක් දිරිගැන්වීමේ අරමුණ ඇතිවය. මෙම වැඩසටහන දැනටමත් කලාප කිහිපයක ක්‍රියාත්මක වන අතර මධ්‍යම රජය එය අතිරේක ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කිරීමට අදහස් කරයි.
ගෘහ පාලන සේවා සපයන සමාගම්වලට පළාත් පාලන ආයතනවල සහ අදාළ පරිපාලන ආයතනවල අධීක්ෂණය යටතේ විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට අවසර ඇත. මෙම කම්කරුවන් ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම, රෙදි සේදීම, සාප්පු සවාරි සහ ළමා රැකවරණය ඇතුළු විවිධ ගෘහාශ්‍රිත කාර්යයන්හි නිරත වේ. අද වන විට, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි වීම, අදාළ සේවා පළපුරුද්ද අවම වශයෙන් වසරක් තිබීම සහ මූලික ජපන් භාෂා කුසලතා තිබීම වැනි ඇතැම් කොන්දේසි සපුරාලන විදේශිකයන්ට වසර පහක් දක්වා ජපානයේ රැඳී සිටීමට අවසර දී ඇත.Covid -19 වසංගතය, සේවකයන්ගේ සංඛ්‍යාව කෙරෙහි ඇති කරන බලපෑම හේතුවෙන් ඉදිරි වසරවලදී බොහෝ වීසා බලපත්‍ර කල් ඉකුත් වීමට නියමිත බැවින්, විදේශීය ගෘහ සේවිකාවන්ගේ විය හැකි හිඟයක් පිළිබඳ ගැටළු විසඳීම මෙම පියවරේ අරමුණයි.
