ජපානයේ කුණු කානු වල ඇත්තටම කාප්ලා ඉන්නවද?

ජපානය ගැන ඇල්මක් දක්වන/ නොදක්වන සියලුදෙනාම සමාජ ජාල මාධ්‍ය තුල සැරිසරණවිට එක් වරක් හෝ දැක ඇති දෙයක්නම්, ජපානයේ කුණු කානු වල සිටින කාප් මාළුවන්ගේ ඡායාරූපයි. “ජපානයේ කුණු කානු කෙතරම් පිරිසිදුද කියනවනම් ඒවායේ කොයි(කාප්) මාළුවන් පවා සිටිනවා” වැනි ශීර්ශපාට සමග සමාජ මාධ්‍ය තුල මේවා දැකගන්න ලැබෙනවා.

ජපානයේ ක්‍යූශු දූපතේ ශිමබරා නගරයේ කොටසකදී “කුණු කානු” වල සිටින මේ කාප් මාළුවන් ඔබට දැකගැනීමට පුලුවනි. සමාජ මාධ්‍ය වල නිදහසේ කුණු කානු වල සැරිසරණ කාප් මාළුවන් ලෙස දැක්වුවද සත්‍ය තත්වයනම්, මෙවා කුණු කානු නොවන අතර, ස්වාභාවික ජල උල්පත් වලින් ලැබෙන ජලය ගෙනයන කුඩා ඇල මාර්ග වේ. මේවා නිවාස ඉදිරිපිටින් දිවෙන කුණු කානු ලෙස දිස්වුනද, මේවායෙන් නිවාස වල අප ජලය බැහැර කිරීමක් සිදු නොවේ. සංචාරකයන් ආකර්ශයනය කර ගැනීමේ අරමුණෙන් මෙම ප්‍රදේශයේ වැසියන් විසින් 1978 වර්ශයේදී මෙම ඇල මාර්ගයේ ඉහලින් සහ පහලින් කම්බි දමා මාළුන්ට ඉන් පිටතට යාමට නොහැකි ලෙස ආරක්ශා කර, මෙහි මාළුන් ඇති කිරීම සිදු කර ඇත. 

ශිමබරා නගරයේ විශාල වශයෙන් පිරිසිදු ජලය ලබාදෙන ජල උල්පත් පිහිටා ඇති අතර, නගරයේ මාර්ගය දෙපස එවැනි ජල උල්පත් 60ක් පමණ පිහිටා ඇත. මෙම ජලය ඉතා පිරිසිදු අතර මෙම ජලය පානය කිරීමට සුදුසු ජලය වේ. මේවායේ අතිරික්ත ජලය සියල්ලම පාහේ මේ ඇලමාර්ග වලින් රැගෙන යාම සිදු කරයි.

සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ මේ උපාය මාර්ගය විශාල වශයෙන් සාර්ථක වී ඇති අතර, සංචාරක ආකර්ශනය මෙන්ම, කොයි මාලුන්ගේ නගරය යන අනුවර්ථ නාමයද මේ ශිමබරා නගරයට ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *