ප්‍රථම ජපන් ගගනගාමියා සඳ මතට

එක්සත් ජනපදය ප්‍රමුඛ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනක් යටතේ ජපාන ගගනගාමියෙකු ප්‍රථම වරට සඳ මතුපිටට ගොඩබෑම සඳහා එක්සත් ජනපදය සහ ජපානය කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ආටෙමිස් වැඩසටහන මගින් 2025 වන විට අඩ සියවසකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට එක්සත් ජනපද ගගනගාමීන් සඳ මතුපිටට යැවීමෙන් ඓතිහාසික සන්ධිස්ථානයක් සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ඇති අතර, ජපන් ගගනගාමියෙකු ඊළඟට ගොඩ බැස්සවීමට ඉඩ ඇත.

දෙවන ජපන් ගගනගාමියෙකු සඳ මත තැබීම පිළිබඳව ද දෙරට සාකච්ඡා කරමින් සිටින අතර ලබන මාසයේ දී සැලැස්මක් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ආරංචි මාර්ග පවසයි.

උප ජනාධිපති කමාලා හැරිස් විසින් බදාදා පැවසුවේ, 2029 වන විට එක්සත් ජනපද ගගනගාමීන් සමඟ ජාත්‍යන්තර ගගනගාමියෙකු සඳ මතුපිටට ගෙන ඒමට එක්සත් ජනපදය අදහස් කරන බවයි, නමුත් අපේක්ෂා කරන පුද්ගලයා තෝරා ගත හැක්කේ කුමන රටෙන්දැයි ඇය ප්‍රකාශ නොකලේය.

මේ අතර, අගමැති ෆුමියෝ කිෂිඩා සිකුරාදා අභ්‍යවකාශ සංවර්ධනය සඳහා වූ උපායමාර්ගික මූලස්ථානයේ රැස්වීමකදී, රටවල් දෙක අතර සාකච්ඡා වේගවත් කරන බව තහවුරු කළේය.

ආටෙමිස් වැඩසටහන යටතේ සැලසුම් කර ඇති චන්ද්‍ර කක්ෂයේ මුරපොලක්  ඉදිකිරීමට ජපානය සහභාගී වනවා පමණක් නොව, අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම මෙන්ම අභ්‍යවකාශ ඇඳුමකින් තොරව ධාවනය කළ හැකි චන්ද්‍ර රෝවරයක් සංවර්ධනය කිරීම සඳහා ද ජපානය දායක වේ.

මිනිසුන් නැවත සඳ වෙත යැවීම සහ චන්ද්‍ර ගවේෂණය ඉදිරියට ගෙනයාමට අමතරව, ආටෙමිස් වැඩසටහනේ අවසාන ඉලක්කය වන්නේ අඟහරු ගවේෂණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *