ලොව විශාලතම න්‍යශ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය ජපානයෙන්.

අත්හදා බැලීම් සඳහා වන ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පසුගිය සතියේ ජපානයේ එළි දුටුවා.

JT-60SA යන නමින් හඳුන්වන, දැනට මූලික මට්ටමේ පවතින මෙම න්‍යෂ්ටික විලයනය අනාගතයේ මිනිසාගේ ප්‍රමුඛ බලශක්ති සැපයුම දක්වා රැගෙන යන ගමනේ සුවිශේෂ සංධිස්ථානයක් වශයෙන් හඳුන්වා දිය හැකියි.

දැනට බලශක්ති උත්පාදන න්‍යෂ්ටික බලාගාර බොහෝමයක් තිබුණද ඒවා සියල්ලම න්‍යෂ්ටික විඛණ්ඩනය මගින් බලගැන්වේ. JT-60SA හි අරමුණ වන්නේ විලයනය සුරක්ෂිත හා ප්‍රායෝගික ලෙස කාබන් විමෝචනයකින් තොර මහා පරිමාණ බලශක්ති මූලාශ්‍රයක් බවට පත් කරීම සඳහා අත්හදා බැලීම්වල නිරත වීමයි. වෙනත් අයුරකින් කිවහොත් ආදානය කරන ශක්තියට සාපේක්ශව ඉහලම ශක්ති ප්‍රමාණයක් ප්‍රතිදානය කර ගැනීම මෙහි අරමුණයි.

තට්ටු හයක් උස ගොඩනැඟිල්ලක් තරම් වන මේ සුවිසල් යන්ත්‍රය ‍තෝකියෝහි උතුරු නකාවේ පිහිටා ඇති අංගණයක ඉදි වී තිබෙනවා. එය ඉදිකෙරී ඇත්තේ යුරෝපානු සංගමයේ සහ ජපානයේ සහයෝගී ව්‍යාපෘතිය ලෙසයි.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *