පැසිෆික් සාගරයේ ජපාන දූපතක් වන අයිවෝ ජිමා වෙරළට ඔබ්බෙන් වූ මුහුදෙන් මෙම අලුත්ම දූපත මතුවී තිබේ. ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය JMA පවසන ආකාරයට, නම් නොකළ මෙම දූපත මුහුද යට ගිනිකඳු පිපිරීමකින් නිර්මාණය වූවක් බවයි. එය මුහුදු මට්ටමේ සිට ඉහලට නැඟීම නොවැම්බර් 1 වන දින රටේ සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය විසින් ගන්නා ලද පින්තූරවල ලේඛනගත කර ඇත.
මේ වටවිට ඔගසවරා දූපත් දාමයට අයත් වන කුඩා දූපතට ඉහළින් අඳුරු අළු වලාවක් හට ගන්නා මෙම දූපතේ කුඩා පිපිරීමක් ඡායාරූපවලින් දැක්වේ.
JMA විසින් පසුගිය වසරේ සිට ප්‍රදේශයේ ගිනිකඳු ක්‍රියාකාරකම් වාර්තා කර ඇත, නමුත් තෝකියෝ විශ්ව විද්‍යාලයේ භූමිකම්පා පර්යේෂණ ආයතනයට අනුව, මෙම දූපත හට ගැනීම හා සම්බන්ධ පිපිරීම ඔක්තෝබර් 30 වන දින සිදු වූ බව පෙනී යයි.
තෝකියෝ විශ්ව විද්‍යාලයේ ගිනිකඳු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන සෙට්සුයා නකාඩා මේ සතියේ ජපන් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, සාගර මතුපිටට පැමිණීමට පෙර ටික කාලයක සිට මෙම ස්තානයේ ජලය යට මැග්මා ගොඩනැගුණු බවයි.
මෙම දූපත පිහිටා ඇත්තේ ජපානයේ ප්‍රධාන භූමියට කිලෝමීටර් 1,200ක් (සැතපුම් 750ක්) දකුණින් සහ පැසිෆික් සාගරයේ දෙවන ලෝක යුද්ධයේ දරුණුතම සටන් දුටු දිවයින වන අයිවෝ ජිමා සිට කිලෝමීටරයක් පමණ දුරිනි.
