හෙලිකොප්ටර් අනතුරකින් ජපාන නාවික හමුදා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු අතුරුදහන්

පැසිෆික් සාගරයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් එක් ජපාන නාවික හමුදා භටයෙක් මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී ඇත.

ද්විත්ව එන්ජින් සහිත Mitsubishi SH-60K යානා දෙකක් ටෝකියෝ නගරයට දකුණින් කිලෝමීටර් 600ක් (සැතපුම් 372ක්) දුරින් පිහිටි Izu දූපත් අසල සබ්මැරීන විරෝධී පුහුණුවක යෙදී සිටි බව නිලධාරීහු පවසති.

ආරක්ෂක අමාත්‍ය මිනෝරු කිහාරා පැවසුවේ අනතුරට හේතුව නොදන්නා බවයි.

“පළමුව ජීවිත බේරා ගැනීමට අපි අපේ උපරිම උත්සාහය යොදවනවා” කිහාරා මහතා පැවසුවේ හෙලිකොප්ටර් යානා “රාත්‍රියේ සබ්මැරීනවලට එරෙහිව අභ්‍යාස කරමින් සිටි” බවයි.

එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සොයාගත් නමුත් ඔහු ඒවන විටත් මිය ගොස් තිබූ බව වාර්ථා වේ. අනෙක් සාමාජිකයන් සොයා තවදුරටත් සෙවීම් කටයුතු සිදු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *