අධික හිම පතනය නොනවත්වාම : ඉශිකාවා ප්‍රාන්තයේ නිවාස 14 000ක් අඳුරේ.

ජපන් දූපත් සමූහයට දැඩි සීතල වාතය හමා ඒමත් සමඟ සමඟ ප්‍රධාන වශයෙන් ජපාන මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි හිමපතනයක් ලැබෙමින් තිබේ. හිම පතනය එහි උපරිමය පසු කර ඇතත්, අද දින(12/23) හොකුරිකු සහ අනෙකුත් ප්‍රදේශවල හිම පතනය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර හොකයිදෝ හි අධික හිම පතනයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කරනු ලැබුවා.

විශේෂයෙන් ඊයේ දින(12/22) , ඉෂිකාවා ප්‍රාන්තයේ ගස් විශාල ප්‍රමාණයක් කඩා වැටී ඇති අතර, වජිමා ප්‍රදේශයට දෙසැම්බර් මාසයේ එම ප්‍රාන්තයෙන් දරුණුතම හිම පතනය ලැබී තිබෙනවා. ප්‍රාන්ත රජයට අනුව, නිවාස 197 ක් විනාශ වී ඇති අතර අතර ඉන් 82 කට නැවත ගොඩනැගීමට නොහැකි තත්වයටම විනාශ වී තිබේ.

හිම පතනය නිසා සෙනසුරාදා දින වජිමා ප්‍රදේශයේ ඇතුළුව ප්‍රාන්තයේ නිවාස 14,100 ක පමණ විදුලිය විසන්ධි දී ඇති අතර ඇතැම් ප්‍රදේශ වලට මේ වනතුරුත් විදුලිය නොමැති බව ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශ කරනු ලැබුවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *