නාරා ප්‍රාන්තයේ නායයෑමක්: මෝටර් රථ කිහිපයක් තවමත් අතුරුදන්

සෙනසුරාදා රාත්‍රියේ(12/23) නාරා ප්‍රාන්තයේ සිදු වූ නාය යෑමකට මෝටර් රථ කිහිපයක් හසු වී ඇති අතර, විපතට පත් වූවන් සොයා අද දිනයේදීත් පොලිස් සහ ගිනි නිවන බලධාරීන් අඛණ්ඩ සෝදිසි කිරීම් සිදු කරයි.

සෙනසුරාදා රාත්‍රී 8.55 ට පමණ. , නාරා හි ෂිමොකිටයාමා ගම්මානයේ ජාතික මාර්ග අංක 169හි මෝටර් රථයක් නායයාමක සිරවී ඇති බවට පොලිසියට හදිසි ඇමතුමක් ලැබී ඇත පසුව වයස අවුරුදු 50 ක පුද්ගලයකු විසින් පැදවූ කුඩා මෝටර් රථයක් නායගොස් ඇති පස් වලට යටවී තිබී සොයාගෙන ඇත. පැය  හතකට පමණ පසු එම පුද්ගලයා බේරාගෙන රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව ප්‍රකාශ කර ඇත.

ජාතික මාර්ගය දිගේ මීටර් 5ක් පමණ උසකින් සහ මීටර් 20ක් 30ක් පමණ පළල බෑවුමක් කඩා වැටී එම පස් මගින් මාර්ගය අවහිර වී ඇති බව නාරා ප්‍රාන්ත පොලිසිය ඇතුළු ආරංචි මාර්ග පවසයි. වර්ෂාවත් සමඟ මැයි මාසයේදී එම ස්ථානයේම නාය යෑමක් සිදු වූ බැවින් එහි ආරක්ෂක වැටක් ද යොදා තිබුණි.

බේරාගන්නා ලද පුද්ගලයා පැවසුවේ තමාට ඉදිරියෙන් මෝටර් රථ කිහිපයක් ධාවනය වූ බවයි. පොලිසිය සහ ගිනි නිවන නිලධාරීහු සිය සෝදිසි කිරීම් දිගටම කරගෙන යන අතර, මෝටර් රථ කිහිපයක් පස් වලට යට වී ඇති බවට සැක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *