තෝකියෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කොබෝල්ට් රහිත ලිතියම්-අයන බැටරි නිපදවීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර එය සාම්ප්‍රදායික බැටරි සඳහා වඩා තිරසාර සහ ලාභදායී විකල්පයක් වන බව ප්‍රකාශ කර ඇත.
මෙම නව බැටරිය ලිතියම්, නිකල්, මැංගනීස්, සිලිකන් සහ ඔක්සිජන් වලින් සමන්විත වන අතර ඒවා වැඩි වෝල්ටීයතාවයකින් ක්‍රියා කිරීමට ඉඩ සලසයි. අධි බලැති ආරෝපණ මධ්‍යස්ථාන වල ඇති ඉතා වේගවත් ආරෝපන හැකියාව මගින් මෙම බැටරි ඉතා ඉක්මනින් ආරෝපනය කිරීමට හැකියාව ඇති බැවින් මෙම ඉහළ වෝල්ටීයතා හැකියාව විද්‍යුත් වාහන සඳහා විශේෂයෙන් වාසිදායක වේ. තවද, මෙම බැටරි ඒවායේ ආරෝපණ සහ විසර්ජන චක්‍ර ආයු කාලය ඉතා ඉහල අගයක් පෙන්නුම් කර ඇත, මෙහි පලමු මූලාකෘතිය විසර්ජන චක්‍ර 1,000 කින් පසුව එහි ධාරිතාවයෙන් 80% ක ආරෝපනයක් රඳවා තබාගන්නා බව ප්‍රකාශ කර ඇත.
දැනට කොබෝල්ට් රහිත විකල්පයක් ලෙස සැලකෙන ලිතියම් යකඩ පොස්පේට් (LFP) බැටරි හා සසඳන විට මෙම කොබෝල්ට් රහිත බැටරි 60% වැඩි ආරෝපණ ගබඩා ඝනත්වයක් පෙන්නුම් කරයි. දැනට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ මෙම බැටරිවල කල්පැවැත්ම සහ විශ්වසනීයත්වය තක්සේරු කිරීමයි, එය විවිධ උපකරණ වල ඒවා භාවිතා කිරීම සඳහා තීරණාත්මක වනු ඇත. කාලයත් සමඟ මෙම තාක්ෂණය සාර්ථක සහ කල් පවතින බව ඔප්පු වුවහොත්, එය මහා පරිමාණ නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබා ගත හැකි අතර, කොබෝල්ට් මත යැපෙන සම්ප්‍රදායික ලිතියම්-අයන බැටරි හා සසඳන විට වඩාත් පරිසර හිතකාමී සහ ලාභදායී විසඳුමක් ලබා දිය හැකි බව පෙන්නුම් කර ඇත. මෙම නවෝත්පාදනය බැටරිය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අතරම, කොබෝල්ට් පතල් කැණීම හා සම්බන්ධ සදාචාරාත්මක හා පාරිසරික ගැටළු විසඳීම සඳහා වැදගත් පියවරක් පෙන්නුම් කරයි.
