ජපානයේ “මූන් ස්නයිපර්” සඳ වෙත ලඟා වේ. එහෙත් මෙහෙයුම අවදානම් තත්වයක…

ජපානයේ “මූන් ස්නයිපර්” රොබෝ ගවේෂකය ලෑන්ඩරය චන්ද්‍ර මතුපිටට ගොඩ බැස ඇති නමුත් ලෑන්ඩරයේ සූර්ය කෝෂය විදුලිය නිපදවන්නේ නැති නිසා මෙහෙයුම ඉක්මනින් අවසන් විය හැකි බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) පවසයි. ඒජන්සිය පැවසුවේ මේ වන විට ලෑන්ඩරයෙන් සංඥා ලැබෙන අතර එය අපේක්ෂා කළ පරිදි සන්නිවේදනය සිදු කරමින් පවතින බවයි.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියෙහි සජීවී විකාශනයේ බෙදාගත් ටෙලිමෙට්‍රි දත්ත වලට අනුව, මෙම චන්ද්‍රයා පිලිබඳව පරීක්ශා කරන මිනිසුන් නොමැති ලෑන්ඩරය  (SLIM) , සිකුරාදා පෙ.ව. 10:20 ට (ජපානයේ  වෙලාවෙන් සෙනසුරාදා පෙ.ව. 12:20)  සඳ මතට ගොඩබා ඇති.

දැනට, ලෑන්ඩරය සීමිත බැටරි බලයකින් ක්‍රියාත්මක වන අතර, එයද පැය කිහිපයක් පමණක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, සූර්ය කෝෂ ගැටලුවට හේතුව සහ ලෑන්ඩරය පිලිබඳව ඊළඟ පියවර තීරණය කිරීම සඳහා JAXA කණ්ඩායම දත්ත විශ්ලේෂණය කරමින් සිටී. සූර්ය කෝෂ ගැටළුවට හේතුව අභ්‍යවකාශ ලෑන්ඩරය අපේක්ෂිත දිශාවට යොමු නොවීම නිසා විය හැකි බව JAXA නිලධාරීහු පවසති.

සඳ මත සූර්ය කෝණය වෙනස් වන විට, සූර්ය කෝෂය නැවත ආරෝපණය වීමාට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් ඇත, නමුත් එයට යම් කාලයක් ගත විය හැකි අතර එය, ලෑන්ඩරය සීතල චන්ද්‍ර රාත්‍රියෙන් බේරීමට හැකිද යන්න මත රඳා පවතිනු ඇතැයි කණ්ඩායම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

අභ්‍යවකාශ ලෑන්ඩරය දෘශ්‍ය සංචාලනය භාවිතයෙන් නිරවද්‍ය සහ මෘදු ගොඩබෑමක්  සිදු කල නිසා මෙහෙයුම “අවම සාර්ථකත්වයක්” ප්‍රකාශ කිරීමේ නිර්ණායක සපුරා ඇති බව නියෝජිත ආයතනය විශ්වාස කරයි. මෙම ගොඩබැස්සවීම නිසා ජපානය මෙම සියවසේ සඳ වෙත යානයක් ගොඩබස්ස්වන ලද තුන්වන රට බවට පත්වී ඇති අතර, එදා මෙදා තුල සඳමදට යානයක් ගොඩබස්සවන ලද පස්වන රට බවට පත් වී ඇත.

මෙම ලෑන්ඩරය මගින් ලබාගත් සියලුම විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීමට ද කණ්ඩායම කටයුතු කරමින් සිටී.

 මෙම ලෑන්ඩරය විසින්, LEV-1 සහ LEV-2 යන රෝවර් දෙක මුදාහැර ඇත. LEV-1 රෝවරය පැනීමේ යාන්ත්‍රණයකින් ගමන් කරන අතර එය පෘථිවිය සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසන පුළුල් කෝණ දෘශ්‍ය ආලෝක කැමරා, විද්‍යාත්මක උපකරණ සහ ඇන්ටනා වලින් සමන්විත වේ.

LEV-2, කැමරාවලින් සමන්විත වන අතර, චන්ද්‍ර පෘෂ්ඨය හරහා ගමන් කිරීම සඳහා හැඩය වෙනස් කළ හැකිය.

කණ්ඩායමට LEV-1 වෙතින් සංඥා ලැබෙන අතර එහි කැමරාවලට කිසියම් රූපයක් ග්‍රහණය කර ගැනීමට හැකි වූයේ දැයි නිරීක්ශනය කරමින් පවතී. වැඩි දත්ත ලැබෙන තුරු LEV-2 හි තත්ත්වය නිශ්චිතව තහවුරු නොකරන බව JAXA නිලධාරීන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *