මෙහි ඇති ඇතැම් ඡායාරූප සහ තොරතුරු හද කම්පාකල හැකි බැවින් සංවේදී පුද්ගලයින් කියවීමෙන් වලකින්න
අයිරිස් චෑන්ග්
2004 දෙසැම්බර් 9 වෙනි දින අයිරිස් චෑන්ග් නැමැති 39 හැවිරිදි ලේඛිකාව සියදිවි නසාගන්නා ලදී. ඇය වෙන් වෙන් වූ ලියුම් තුනක් ලියා තබා සියදිවි නසාගත්තද, ඒ එකක හෝ ඇයගේ සිය දිවි නසා ගැනීමට හේතුව සඳහන් කර නොමැත. එහෙත් එක් සටහනක ඇය, CIA සහ තවත් නම් නොකළ සංවිධාන විසින් යම් හේතුවක් නිසා ඇයට හිංසා කරන බව ප්‍රකාශ කර ඇත.

එහෙත් ඇය පෞද්ගලිකව දන්නා පුද්ගලයන්ගේ විශ්වාසය වූයේ, ඇයට ඇති වී තිබූ විශාදය සහද්වීද්රැව අක්‍රමතාවය (Bipolar Disorder) මානසික රෝගය සඳහා ඇය ලබාගන්නා ලද අධික සැර ඖෂද වල අතුරු ප්‍රථිපලයක් වශයෙන් එවැනි සංකල්ප ඇයගේ මනසට පැමිණ ඇති බවයි. එම පුද්ගලයන්ම පවසන්නේ ඇගේ සියදිවි නසාගැනීමට හේතුව වී ඇත්තේ ඇගේ කාර්යබහුල ජීවිතය හා ඇගේ කෘතීන් නිසා ඇතිවූ මානසික පීඩනය විය හැකි බවයි. ඇයගේ කෘතීන් සියල්ලම පාහේ මතභේදයට තුඩුදෙන කෘතීන් වූවද, මෙම මානසික පීඩන සඳහා විශේශයෙන්ම එක කෘතියක් බලපා ඇත, ඒ 1997 දී එලිදක්වන ලද “නාන්කින්ග් හි දූශනය” (Rape of Nan King ) යන කෘතියයි. අයිරිස් චෑන්ග් මිය යන විට කෘතීන් තුනක් එලිදක්වා ඇති අතර ඇයගේ හතරවන කෘතියෙහි කටයුතු සිදු කරමින් සිට ඇත.
ඇයගේ පලමු කෘතිය වන සිල්ක් පණුවාගේ නූල (Thread of the silkworm) – 1996, න්‍යශ්ටික බෝම්බ නිපදීම සඳහා පර්යේශණ සිදුකල ප්‍රසිද්ධ මෑන්හැටන් ව්‍යාපෘතියේ ඇය ක්‍රියාකරන අතරතුර, කොමිනිස්ට් වාදියෙකුයැයි චෝදනා එල්ලවූ චීන ජාතිකයෙකු පිළිබඳව ලියන ලද කෘතියකි.
ඇයගේ තුන්වන පොත වන “ඇමෙරිකාවේ සිටින චීන ජාතිකයා” (THE CHINESE IN AMERICA’. A NARRATIVE HISTORY) – 2003, චීන සංක්රමනිකයන් සහ ඇමරිකාවේ ඉපදෙන චීන ජාතිකයන් මුහුණ දෙන කටුක ජීවිතය පිලිබඳව සඳහන් කෘතියකි.

චෑන්ග් මෙනවියගේ සියලුම කෘතීන් මිනිස් ආත්මයේ අඳුරුතම තැන් පිළිබඳව පෙන්වීය, විශේෂයෙන්ම ඇගේ දෙවන පොත වන Rape of NanKing (නාන්කින්ග් හි ස්ත්‍රී දූශන) කෘතිය නිසා ඇය, කුප්‍රකට මෙන්ම මිනිසුන්ට එකිනෙකා හට කළ හැකි භයානක ක්‍රියා පිළිබඳව නිරාවරණය කලේය. කෘතිය ලිවීමේදී නන්කිං ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් අය සමඟ සිදුකල බොහෝමයක් සම්මුඛ සාකච්චා නිසා ඇය වසර ගනනාවක් පුරා මානසිකව වැටීමට ලක් විය. එහෙත් චන්ග් මෙනවියගේ මෙම පොත නිසාවෙන් රහසක්ව පැවති නන්කින් ඛේදවාචකය පිළිබඳව මුලු මහත් ගෝලීය ජනයාගේ අවධානය යොමු විය.
චීන ජපන් කෝන්තරය
1603 සිට 1854 දක්වා ජපානය සංවෘත රටක් විය. කිසිවෙකුට පිටව යාමට නොහැකි වූ අතර, විදේශිකයන් හිරෝෂිමා අසල කුඩා වරායකට පමණක් සීමා විය. කෙසේ වෙතත් ඇමරිකානු නාවික නිලධාරි මැතිව් සී. පෙරී ජපානයට බාහිර ලෝකය සමඟ වෙළඳාම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා විවෘත කරන ලෙස බල කළ විට, රට ආර්ථික, තාක්ෂණික සහ යුදමය වශයෙන් සෙසු ලෝකයට වඩා වසර 200 ක් පිටුපසින් සිටියේය. එහෙත් ජපානය මීළඟ වසර 40-50 තුළ කැපී පෙනෙන වර්ධනයක් ලඟා කරගත්තේය. එය යල්පැන ගිය රණශූර පන්තියක් විසින් පාලනය කරන ලද වැඩවසම් සමාජයක සිට කලාපීය බලවතෙකු ලෙස මෙම වසට 40-50 කාලය ඇතුලත පරිණාමය විය.

කොරියාවේ බලපෑම මත 1896 දී ජපානය පළමු චීන-ජපන් යුද්ධයේදී චීනය පරාජය කළේය. ජපානය, තායිවානයේ පාලනය ද ලබා ගත් අතර තවත් චීන නගරද අත්පත් කර ගත් අතර, චීනයේ කුඩා කොටස්වල පාලනය ජපන් ජාතිකයින් සතු විය. එසේ වුවද, මෙම භූ දේශපාලන ආක්රමන වලට සම්බන්ධ වූ එකම ජාතිය ජපානය පමණක් නොවේ. 1900 වන විට චීනය දුර්වල, දූෂිත සහ බෙදී ගිය බලයක් සහිත රටක් බවට පත් විය. ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, රුසියානු සහ ඇමරිකානුවන්, ජපානය සමඟින්, සියල්ලෝම චීනයේ විවිධ ප්රරදේශ සෘජුවම හෝ, ඔවුන්ගෙන් දැඩි බලපෑම් මත වක්‍රව ඔවුන්ගේ පාලනයට යටත් කරගන්නා ලදී.
1904 සිට 1905 දක්වා කාලය තුළ ජපානය රුසියානු අධිරාජ්‍යයට එරෙහිව කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් අතර, රුසියාවට මායිම්ව පිහිටි කලාපයක් වන කොරියාවේ බලපෑම සඳහා පවතින අරගලයේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කළේය. මෙම ජයග්‍රහණය, ජපානයට කොරියාවේ පාලනය ලබා ගැනීමටත්, උතුරු චීනයේ රුසියානු අවශ්‍යතා මත ආධිපත්‍යය දැරීමටත් හැකි විය. 1920 සහ 30 ගණන් වලදී, විවිධ අභ්‍යන්තර හා බාහිර සාධක විසින් ජපන් හමුදාවේ බලය සිවිල් රජට වඩා වැඩි වශයෙන් ඇති කිරීමට දායක විය. 1930 ගණන්වල අග භාගය වන විට, ජපාන හමුදා ආන්ඩුව විසින්, රජය, ආර්ථිකය සහ ජපන් සමාජය විශාල සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇත. විශේෂයෙන්ම සියවස් ගනනාවක් ප්‍රේම-වෛරී සම්බන්ධතාවයක් පවත්වාගෙන සිටි චීනයට සාපේක්ෂව මෙම වර්ධනය වන මිලිටරිකරණය, ජපන් සංස්කෘතියේ සහ මිනිසුන්ගේ උසස් බව පිළිබඳ විශ්වාසය සමඟ සම්බන්ධ විය.
1931 දී, ජපන් හමුදාව හිතාමතාම මැන්චූරියාවේ සිදුවීමක් ඇතිකල අතර, ව්‍යාජ ධජ මෙහෙයුමක් ලෙස පොදුවේ හැඳින්වෙන මෙම සිදුවීම සම්පත්වලින් පොහොසත් මැන්චූරියාව ආක්‍රමණය කර අල්ලා ගැනීමට ජපන් ජාතිකයින්ට ව්‍යාජ හේතු සැපයීය. මැන්චූරියාව අද වන විට චීනයේ කොටසක් වන නමුත් එවකට චීන හමුදා රණකාමීන් විසින් පාලනය කරන ලද අර්ධ-ස්වාධීන භූමි ප්‍රදේශයක් විය. 1937 දී, ජපන් ජාතිකයින් නැවත වරක් චීන ජාතිකයන් සමඟ සිදුවීමක් ඇතිකල අතර එය චීනය, පූර්ණ පරිමාණ ආක්‍රමණයකට තුඩු දුන්නේය.

කෙටි කාලයකදී, ජපන් හමුදාව චීන වෙරළ දිගේ දකුණට ආක්රමනය කරමින්, ප්‍රධාන නගර අල්ලා ගත් අතර එහි ජනාකීර්ණ ප්‍රදේශ සහිත වෙරළබඩ චීනයේ සැලකිය යුතු කොටසක් පාලනය කලේය. 1937 අගෝස්තු සහ ඔක්තෝබර් අතර, තීරණාත්මක වරාය නගරයක් වන ෂැංහයි හි දැඩි චීන ප්‍රතිරෝධයක් දිග හැරුණි, එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසඥයින් විසින් “යැංසි ගඟේ ස්ටාලින්ග්‍රෑඩ්” හා සමාන කරන ලද සටනක් ඇති විය. අවසානයේ ජපන් හමුදාව ජයග්‍රහනය කලද, අධිෂ්ඨානශීලී චීන ප්‍රතිරෝධය නිසා ජපන් හමුදාවට විශාල හානියක් සිදුවිය. එම හානිය හේතුවෙන් ජපන් හමුදාව තුල චීනය සහ එහි ජනතාව කෙරෙහි ගැඹුරු වෛරයක් ඇති කළේය. ජපානයේ මීළඟ ඉලක්කය වූයේ එවකට චීනයේ අගනුවර වූ නැන්කින් ය. (වර්ථමානයේ නැන්ජිං ලෙස හඳුන්වයි)
1937 දී චීනයේ සංකීර්ණ පාලන ක්‍රමය සංකීර්ණ පාලන ක්‍රරමයක් විය.රටේ ප්‍රධාන නගරවලින් පිටත සහ ඒවා තුළ පවා විශාල වශයෙන්, කුප්‍රකට දූෂිත,සහ අකාර්යක්ෂම රජයකින් සමන්විත විය. අක්‍රමවත් දත්ත තබාගැනීම හෝ, සංගණන දත්ත නොමැති වීම හේතුවෙන් ජපන් ම්ලේච්ඡත්වයට පෙර සහ පසු නැන්කින් හි ජනගහනය පිළිබඳව විශ්වාසනීය දත්ත නොමැත.
මෙම කාල සීමාව තුළ චීනයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද ජපන් ප්‍රතිපත්තිය හැඳින්වූයේ “අළු වලට පුළුස්සා දැමීම” ප්‍රතිපත්තිය හෝ වඩාත් පොදුවේ “සියල්ල තුන” ප්‍රතිපත්තිය ලෙසිනි. “සියල්ල මරන්න, සියල්ල පුළුස්සා දමන්න, සියල්ල කොල්ලකන්න” යන්න සියල්ල තුනෙන් සඳහන් වේ. මෙම විවෘතව ප්‍රකාශිත ප්‍රතිපත්තිය 1937 දෙසැම්බර් 1 දින සිට නැන්කිං හි දිග හැරෙනලද කුරිරු ක්‍රියා මාලාව සඳහා වේදිකාව සකසා ඇත.
නැන්කින් ඛේදවාචකය
1937 දෙසැම්බර් 13 වන දින ජපන් හමුදා අගනුවරට පැමිණි පසු, ඔවුන් වහාම නගරය තුළ සීටි වෙහෙසට පත් වූ චීන හමුදාව සමග ගැටිනි. කඩිනම් හා ම්ලේච්ඡ ආකාරයෙන්, බොහෝ චීන හමුදා දිනක් හෝ දෙකක් ඇතුළත පලවා හරින ලද ආතර, තෙහෙට්ටුවට අධෛර්යයට සහ බියට පත් වූ චීන හමුදාව, වේගයෙන් ඉදිරියට යන ජපන් හමුදාවන්ගෙන් බේරී පලා ගියේය.
පැනයාමේ බලාපොරොත්තු සුන් වූ සමහර චීන හමුදා භට කාණ්ඩ, මාර්ගයේ ඉඩ සාදාගෙන ඉක්මනින් ඉදිරියට ගමන් කිරීමට ඔවුන්ගේම භට කාණ්ඩවලට වෙඩි තබන ලදී. චීන සොල්දාදුවන් අතර ප්‍රචලිත වූයේ පණපිටින් ජපනුන් අතට පත්වීම මරණයට වඩා දරුණු ඉරණමක් බවයි.
ජපන් හමුදාවේ ප්‍රතිචාරය වේගවත් හා බිහිසුණු එකක් වූ අතර, ඔවුන් සති හයක් පුරා පැවති මනුෂ්‍ය ඝාතන, වධ හිංසා සහ ස්ත්‍රී දූෂණය ආරම්භ කළේය. සමුරායි කඩු භාවිතා කරමින් නියමිත කාලයක් තුළ වැඩි චීන ජාතිකයන්හි පිරිසකගේ හිස ගසා දැමිය හැක්කේ කාටදැයි බැලීමට ජපන් නිලධාරීන් එකිනෙකාට අභියෝග කිරීමේ ක්‍රීඩා වැනි සාහසික ක්‍රියා සිදු කරන ලදී.

( “ඇදහිය නොහැකි වාර්තාව’ – මුකායි 106 – 105 නෝඩා – 2වන ලුතිනන්වරුන් දෙදෙනාම අමතර ඉනිමකට යයි.” )
චීන සොල්දාදුවන් සහ සිවිල් වැසියන්, වයස හෝ තත්වය නොසලකා නගරයේ විවිධ ප්‍රදේශවලට එක්රැස් කරන ලදී. මැෂින් තුවක්කුකරුවන්ගේ සුපරීක්ෂාකාරී ඇසට ගොදුරු වූවන්ගේ හිස් කෲර ලෙස කපා දමා ඔවුන්ගේ සිරුරු දිරාපත් වීමට සඳහා නගරයේ තැන් තැන් වල ගොඩවල් ගසන ලදී.

මෙම සංත්රාසය තවත් වැඩි කරමින්, ජපන් ජාතිකයන් මෙම සිදුවීම් සිදුකිරීමට පෙර, අතරතුර සහ පසුව බොහෝ විට මත් වී, සිතාගත නොහැකි තරම් ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරත විය. නගරයේ විවිධ ප්‍රදේශවල සිටින ප්‍රදේශවාසීන් ජපන් ජාතිකයින්ගේ බීමත්කමේ මට්ටම මත පදනම්ව පැන යාමට හොඳම කාලය විනිශ්චය කිරීමට ඉගෙන ගත්හ.
ජපන් සොල්දාදුවන් ඔවුන්ගේ බයිනෙත්තු (තුවක්කු බටයේ ඉදිරියේ සවිකරන ලද පිහියක් වැනි මුවහත් උලක්) සඳහා බිහිසුණු භාවිතයන් සොයා ගත් අතර, ගැබිනි කාන්තාවන් සහ ළදරුවන් ඇතුළු ගොදුරු වූවන්ගෙන් කුඩා ළමුන් ගුවනට විසිකර ඔවුන්ගේ බයිනෙත්තුව කෙලින් කර ළමුන් එයට වැටීමට සැලැස්විය.

පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 200 ක් පමණ යොදාගෙන පාසලක් තුල සිදු කරන ලද එක් වද හිංසා කිරීමේ අංගයකි. වෛද්‍ය ඉදිකටුවකට වඩා විශාල කටුවක් මොවුන්ගේ ඇස්, මුඛය, නහය සහ ලිංගික අවයව තුළට ඇතුළු කිරීමෙන් කිව නොහැකි ආකරයේ වේදනාවක් ලබා දෙන ලදී. චීන සිවිල් වැසියන් ගස්, දුරකථන කණු හෝ බිත්ති මත තබා ඇණ ගැසීමට ලක් කරන ලද අතර අනෙක් අයගේ ඇස්, නාසය, කපා පෙට්‍රල් වත් කිරීමෙන් පසු ගිනි තැබූහ. තවත් දහස් ගණනක් කෙරසීන් සහ ගෑස් ටැංකි වලින් පුරවා ඇති වළවල්වලට විසි කරන ලද අතර, ජපන් හමුදාවේ ට්‍රක් රථ රියදුරන් විසින් එකවර චීන ජාතිකයින් කී දෙනෙකු තම වාහනයට යට කල හැකිදැයි බැලීමට තරඟ ද පැවැත්වූහ. ජපන් සොල්දාදුවන් යැංසි ගඟේ පාලමක් දිගේ චීන කණ්ඩායම් එකට බැඳ, ගඟට තල්ලු කළහ. මෙම බිහිසුණු සිදුවීම් ඔබ වෙත මෙලෙස විස්තර කරනු ලබන්නේ ඔබව සංවේදී කිරීමට නොව, මෙම අඳුරු කාල පරිච්ඡේදය තුළ සිදු වූ ම්ලේච්ඡත්වය පිළිබඳව දැනුවත් වීමට සහ, මෙම කුරිරුකම් සිහිපත් කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමට ය.

ජපන් හමුදාවේ මේ ම්ලේච්ච ක්‍රියාකාරකම් සති හයක් පුරාවටම සිදු කරගෙන ගියේය. අයිරිස් චෑන්ග් විවේචනයට ලක්වූයේ ඇගේ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ වාර්තා නිසා නොවේ, ඒවායින් බොහොමයක් විශේෂයෙන් චීනය තුළ ප්‍රසිද්ධ විය. ජපන් ජාතිකයන් තමන් ගිය සෑම තැනකම යුද්ධය පුරාවටම බොහෝ අවස්ථාවලදී ඉතා ම්ලේච්ඡ ලෙස කටයුතු කළහ. මිස් චෑන්ග් ගේ පොත විවේචනය වූයේ ඇය මිය ගිය සංඛ්‍යාව අධිතක්සේරු කර ඇති බවටයි. චෑන්ග් ගේ මිය ගිය අයගේ ඇස්තමේන්තුව මිලියන 1 පමණ විය. බොහෝ අය විශ්වාස කරන්නේ මෙය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, සත්‍ය අගය මිනිසුන් 100 000 ත්, 250 000ත් අතර ප්‍රමාණයක් මිය ගිය බවයි.

චෑන්ග් ගේ පොත සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ එකම මිනිසුන් කොට්ටාශය වූයේ අන්ත ජපන් ජාතිවාදීන්ය. ඔවුන්ගේ අදහස වූයේ ජපානය, චීන හා බටහිර ජාතීන්ගේ ගොදුරක් වූ බවයි. එහෙත් නැන්කිං හි සිදුවූ සිදුවීම් සත්‍ය වශයෙන්ම සිදු වූ සිදුවීම් ය. චීන කාන්තාවන් සහ ගැහැණු ළමයින් දස දහස් ගණනක් දූෂණයට ලක් විය. වින්දිතයින්ගෙන් සමහරක් වයස අවුරුදු 70 සහ ඊටත් වඩා වයස්ගත අයයි. සමහරු වයස අවුරුදු හය හතක් තරම් කුඩා ළමුන් විය. ගැබිනි කාන්තාවන්ට පහරකෑම් වලට ලක් වීමට සිදු විය. එයින් මරමුවට පත් නොවූ අයගෙන් බොහෝ දෙනා ගබ්සා විය. දිවි ගලවා ගත් බොහෝ කාන්තාවන් ගැබ්ගන්නා ලදී. තමන්ට මෙම අපරාදය සිදු කල යක්ශයාගේ දරුවා බිහි කරනවාට වඩා තම ජීවිතය නැති කරගැනීම හොඳයැයි සිතූ බොහෝ දෙනා සියදිවි නසා ගත්හ. මෙම දූශන සහ ප්‍රහාරවලින් සමහරක් තනි සොල්දාදුවන් විසින් සිදු කරන ලද අතර අනෙක් ඒවා කණ්ඩායම් විසින් සිදු කරන ලදී. සමහර කාන්තාවන් සහ ගැහැණු ළමයින් නැවත නැවතත් දූෂණය විය. අනෙක් වින්දිතයන්, දූශනය කිරීමේ අතර තුර වද දී හෝ, දූශනය කිරීමෙන් අනතුරුව මරා දමන ලදී.
ඛේදවාචකයේ අවසානය.
නැන්කිං සමූලඝාතනය පිළිබඳ විස්තරය, එහි ඇති අති බිහිසුණු බව නිසා අවබෝධ කර ගැනීම හෝ විස්තර කිරීම අතිශයින් දුෂ්කර ය. වාසනාවකට මෙන්, කුරිරුකම් මැද, නැන්කිං හි ජීවිත බේරා ගැනීමට දායක වූ ඇදහිය නොහැකි කතාවක් තිබේ. ජර්මානු වෙළඳ නිලධාරියෙකු සහ නාසි පක්ෂයේ සාමාජිකයෙකු වන ජෝන් රබා, නැන්කිං සටනේදී සහ ඉන් පසුව ආරක්ෂිතව සිටීමට අනෙකුත් යුරෝපීයයන්ට උපකාර කිරීම සඳහා නගරයේ රැඳී සිටීමට තීරණය කළේය. ඒ වන විට ජර්මනිය සහ ජපානය මිත්‍ර රටවල් නොවූ අතර සබඳතා වැඩිදියුණු වෙමින් පැවතියද, 1940 වන තෙක් ඔවුන් තවමත් විධිමත් ලෙස මිත්‍රත්වයට පත් නොවීය.

චීන ජාතිකයන්ගේ වාසනාවකට මෙන්, රබා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය චීන පුරවැසියන් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂිත කලාපයට ඇතුළත් කිරීමට පටන් ගත්හ. ඔවුන් සොයා ගත හැකි සෑම කෙනෙකුට රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත හැසිරීම් බලපත්‍ර නිකුත් කරමින් නගරයට ඇතුළු විය. රබාගේ ක්‍රියාවට දහස් ගණනක් නොව දස දහස් ගණනක් ජීවිත බේරා ගැනීමේ ගෞරවය හිමි වේ. පශ්චාත් යුධ සමයේ, රබා උසස් නාසි පක්ෂයේ සාමාජිකයෙකු සහ විභව යුද අපරාධකරුවෙකු ලෙස බ්‍රිතාන්‍යයන් විසින් අත්අඩංගුවට ගැනීමට මුහුන දුන්නේය. ඔහු නිදහස් වුවද, ඔහුගේ පවුල 1949 දී චීන සිවිල් යුද්ධය දක්වා, නැන්කිං රජයෙන් සහයෝගය ලබා ගනිමින් අරගල කළේය. රබාගේ මරණයෙන් පසු, ඔහුගේ සොහොන් කොත ජර්මනියේ සිට නැන්ජිං වෙත ගෙන යන ලද අතර, එය අදටත් නැන්කිං සංහාරයේ කතාව විස්තර කිරීමට කැප වූ කෞතුකාගාරයක ඉදිරිපස පවතී.
නැන්කින් සමූලඝාතනයට ගොදුරු වූවන් වෙනුවෙන් කැප කරන ලද කෞතුකාගාරයක් අසල, ඔහු සිහිපත් කරන පිළිරුවක් තනා ඇත. නැන්කිං ඛේදවාචකය වෙත ගෝලීය අවධානය යොමු කළ අයිරිස් චැංගේ ප්රතිමාවක්ද ඒ අසල පවතී.


