ජපන් වැසිකිලි වල තිබෙන බොත්තම් හඳුනාගනිමු

ජපානයට ගිය පසු අපව අවුල්සහගත කරන මුල්ම දේවල් වලින් එකක් තමා ජපානයේ වැසිකිලි.  විවිධ තාක්ශණික අංගයන්ගෙන් පිරුණු මේ වැසිකිළි වල තිබෙන බොහෝ අංගයන්ගේ අපගේ නොදැනුවත්කම නිසා භාවිතා කිරීමට මැලි වනවා. එම ජපන් වැසිකිලි වල තිබෙන ප්‍රධානම අංගයන් කිහිපයක් මෙලෙස දැක්විය හැක. වැසිකිලි මාදිලි අනුව මෙම අංගයන් සියල්ලක්ම ඔබ භාවිතා කරන වැසිකිලියේ නොමැති වීමට හැකි අතර, ඇතැම් විට මෙහි දක්වා ඇති අංග වලට වඩා අංගයන් තිබිය හැක.

පසුපස ප්‍රදේශය සේදීම සඳහා බිඩේටය ක්‍රියාත්මක කිරීමට මෙම බොත්තම යොදාගනී. මෙම බොත්තම දෙවරක් එබීමෙන් බිඩෙටය දෙපසට දෝලනය වන අතර නැවතත් එබීමෙන් දෝලනය වීම පමණක් නතර වේ.

ඉදිරිපස ප්‍රදේශය සේදීම සඳහා බිඩේටය ක්‍රියාත්මක කිරීමට මෙම බොත්තම යොදාගන්නා අතර, දෙවරක් සහ තුන්වරක් එබීමෙන් එය පෙර පරිදිම දෝලනය වීම සහ දෝලනය නතර වීම සිදු වෙයි.

බිඩේටයෙන් වතුර ඉසීම නැවැත්වීමට මෙම බොත්තම යොදාගනී. වියලීමේ ක්‍රියාවලිය (Drying function) සහිත වැසිකිලි වල එම ක්‍රියාවලිය නතර කිරීමටද මෙම බොත්තම යොදාගනී

වැසිකිලියේදී විවිධ ශබ්ද 😁 අන් අයට ඇසීම වැලැක්වීම සඳහා මෙම වම්පස ඇති බොත්තම භාවිතා කල හැක. එවිට ජලය ගලාගෙන යන නාදයක් ඇසීමට පටන් ගනී. දෙවැනි බොත්තම මෙම ශබ්දය නතර කිරීමට භාවිතා කරයි.  

මෙමගින් පෙර සඳහන් කළ නාදයේ ශබ්දය අඩු වැඩි කිරීමට හැක.

මෙම බොත්තම එබීමෙන් ඔබට , වැසිකිලිය තුල සිදු කරන ක්‍රියාවන් අතර තුර හමන දුර්ගන්දයන් අවම කිරීම සිදු කල හැක

මෙම බොත්තම් දෙක මගින් බිඩේටයෙන් ජලය ඉසින පීඩනය අඩු සහ වැඩි කිරීම සිදු කරයි. ඉහල ඇති බොත්තමෙන් ජල පීඩනය වැඩි කිරීමත්, පහලින් ඇති බොත්තමෙන් ජල පීඩනය අඩු කිරීමත් සිදු කරයි. ඇතැම් වැසිකිලි වල + සහ – ලකුණු වලින් මෙම බොත්තම් දෙක පෙන්වා ඇත.

බිඩේටයෙන් ජලය ඉසින ස්ථානය සකස් කිරීමට මෙම බොත්තම යොදාගනී. මෙමගින් බිඩේටයෙන් ජලය ඉසින ස්ථානය ඉදිරියටත්, පිටුපසටත් වෙනස් කල හැක.

මෙම බොත්තම් දෙකෙන් පළමු බොත්තම මගින් වැසිකිලි ආසනය උනුසුම් කරන අතර එක වරක් එබීමෙන් අඩු උනුසුමක්ද, දෙවරක්, තුන්වරක් එබීමෙන් වැඩි උනුසුමක්ද ලබාගත හැක. ඊට ඉහලින් ඇති බල්බ් මගින් උනුසුමේ ප්‍රමාණය පෙන්වයි.

දෙවැනි බොත්තමෙන් ජලයෙහි උශ්නත්වය වෙනස් කරයි.

මෙම බොත්තම මගින් ඉදිරිපස හෝ පසපස වියලීමේ ක්‍රියාවලිය සිදු කරයි.

මෙම බොත්තම් දෙක මගින් වැසිකිලිය ෆ්ලශ් කිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. පලමු බොත්තමෙන් විශාල ෆ්ලශ් කිරීමත්, දෙවැනි බොත්තමෙන් කුඩා ෆ්ලශ් කිරීමත් සිදු කරයි.

මෙම බොත්තම මගින් බිඩේටය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. . මෙම බොත්තම නොමැති වැසිකිලි වල, බිඩේටය පිරිසිදු වීම ඉබේම සිදුවන අතර, මෙම බොත්තම සහිත පොදු වැසිකිලි වල සෑම විටම මුලින්ම මෙම බොත්තම එබීමට මතක තබාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *