ජපානයේ කියෝතෝ හි සුප්‍රසිද්ධ ජියොන් දිස්ත්‍රික්කයට පැමිණෙන අමුත්තන්ට වීදි සහ මංතීරු ගණනාවකට ඇතුළුවීම තහනම් කෙරෙන බව, The Guardian පුවත්පත වාර්තා කරයි.
කොවිඩ් වසංගතයෙන් පසු නැවතත් විශාල ලෙස සංචාරකයන් පැමිණීමට පටන්ගැන්මත් සමඟ, ජපානයේ ඉපැරණි අගනුවර පදිංචිකරුවන් අධික තදබදය සහ සංචාරකයන්ගේ නරක හැසිරීම් නිසා පීඩාවට පත් වී තිබේ.
ජියොන් යනු ඔබට බොහෝ විට වීදිවල ගීත, නැටුම් සහ සංවාදයෙන් අමුත්තන්ට සංග්‍රහ කරන Geiko සහ Maiko වැනි කාන්තාවන් සොයා ගත හැකි ප්‍රදේශයකි. කෙසේ වෙතත්, සමහර මූලාශ්‍ර වැරදි ලෙස ගේෂා ස්ත්‍රීන් ගණිකා වෘත්තිය සමඟ සංසන්දනය කරයි.
සවස තේ හවුල්, හමුවීම් සඳහා යන අතරමගදී, ස්මාර්ට්ෆෝන් භාවිතා කරන අමුත්තන් විසින් ජියොන්, Geiko සහ Maiko සාම්ප්‍රදායික විනෝදාස්වාදකයින් නිතිපතා ඉලක්ක කරනු ලැබෙන බව එම ප්‍රදේශයේ වැසියන් පවසයි, ඔවුන්ගෙන් සමහරෙක්, දුරස්ථභාවය තබාගැනීමට සහ කාන්තාවන්ගේ මිල අධික කිමෝනෝ ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින සංඥා නොසලකා ඔවුන්ව ස්පර්ශ කිරීම, පෞද්ගලික දේපළවලට අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳව එම ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් පැමිණිලි ලැබී තිබේ.
දෙසැම්බරයේ දී, Gion පදිංචිකරුවන්ගේ කවුන්සිලයක් නගරයේ රජයෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශය “තේමා උද්‍යානයක් නොවන” බවට පැමිණිලි කරමින්, නොහික්මුණු සංචාරකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.
ප්‍රදේශවාසීන් පැමිණිලි කර ඇත්තේ ඇතැම් අමුත්තන් පටු වීදි දිගේ ඇවිදින ගේෂාව දුටු විට සමහර අමුත්තන් ආධුනික පැපරාසීන් මෙන් හැසිරෙන බවත්, ගේශාවන් හට ඔවුන්ගෙන් කරදර සිදුවන බවත්ය.

කියෝතෝ බලධාරීන් පවසා සිටියේ, සීමා කිරීම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න අපැහැදිලි වුවද, Gion හි පටු පුද්ගලික වීදිවලට ඇතුළුවීම තහනම් කිරීම ලබන මාසයේ බලාත්මක කරවන බවත්, නව පියවර ගැන අමුත්තන් හට දැන්වීම සඳහා දැන්වීම් පුවරු සවි කරන බවත් ය.
ප්‍රදේශයේ ප්‍රධාන මංසන්ධිය වන හනමිකෝජි වීදිය සංචාරකයින් සඳහා විවෘතව පවතිනු ඇති බවද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.
